අස්තානා නුවරට ළඟා වූ චීන ජනපතිගෙන් ලිඛිත දේශනයක්
2024-07-02 16:25:32
Share with:

කසක්ස්ථානයේ අස්තානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී ලිඛිත දේශනයක් පළ කරයි. ජනාධිපතිවරයා අද (2) දහවල් එහි පැමිණියේය.

Kassym-Jomart Tokayev ජනාධිපතිවරයාගේ ඇරයුම අනුව ශැංහයි සහයෝගතා සංවිධානයේ අස්තානා සමුළුවට එක්වීම සඳහා සුන්දර කසක්ස්ථානයට පැමිණීම සතුටක්  බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කරයි. චීන රජය සහ ජනතාව නියෝජනය කරමින් Kassym-Jomart Tokayev ජනාධිපතිවරයා හා මිත්‍රශීලි කසක්ස්ථාන ජනතාව වෙත අවංක සුබ පැතුම් පිරිනමන බව ද ඔහු කියාසිටී.

තම සංචාරය තුළ දී Tokayev ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වමින් දෙරට සම්බන්ධතාව, අංගසම්පූර්ණ සහයෝගතා හා පොදු සැලකිල්ලට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය. චීන-කසක්ස්ථාන තිරසර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා නව ඉදිරිදැක්මක් හා නව සැලසුමක් සම්පාදනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

ශැංහයි සහයෝගතා සංවිධානයේ අස්තානා සමුළුවට එක්වීමට තමා අපේක්ෂාවෙන් සිටින බවත්, එම බහුපාර්ශ්වික යාන්ත්‍රණය තුළින් උසස් මට්ටමේ ප්‍රගතීන් සාක්ෂාත් කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින්පිං මහතාගේ ලිඛිත දේශනයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම