චීන ජනපති කසකස්ථානයේ සහ ටජිකිස්ථානයේ සංචාරයක
2024-07-02 11:22:06
Share with:

කසකස්ථානයේ සහ ටජිකිස්ථානයේ විදේශ සංචාර සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නුවරින් පිටත් වේ. අද (2) පෙරවරුවේ හෙතෙම විශේෂ ගුවන් යානයකින් කසකස්ථානයේ අස්ටානා අගනගරය බලා පිටත් ව ගියේ ය. අස්ටානා අගනුවර පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරී සමුළුවේ 24වැනි රැස්වීමට චීන ජනාධිපතිවරයා එක් වනු ඇත. කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev සහ  ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon යන මහත්වරුන්ගේ ආරාධනා පරිදි චීන ජනාධිපතිවරයා එම රටවල් දෙකේ සංචාරය කිරීමට ද නියමිත ව ඇත.‍

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික Cai Qi සහ විදේශ ඇමති Wang Yi  යන මහත්වරු මෙම සංචාර සඳහා එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම