“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත” විශේෂ වැඩසටහන් මාලාව කසක්ස්ථානයේ දී විකාශය කෙරේ
2024-07-02 20:41:37
Share with:

“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත”නමැති විශේෂ වැඩසටහන් මාලාවේ තුන්වැන්න කසක්ස්ථානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හි විකාශය කෙරේ.  කසාක් භාෂා අනුවාදයක් ලෙස අද (2) සිට එහි විකාශය ඇරඹේ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Shanghai සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 24 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කසක්ස්ථානයේ නිල චාරිකාවකට එක්වීම නිමිත්තෙනි.

එරට ප්‍රධාන නාලිකා රැසක් එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පට විකාශය කර ඇති අතර,ප්‍රේක්ෂකයන්ගෙන් ඊට ඉහළ ප්‍රතිචාර හිමි ව තිබේ.

“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත”වැඩසටහන් මාලාවෙන් පොදු සමෘද්ධිය, පාරිසරික ආරක්ෂාව,සංස්කෘතික උරුමය සහ ශිෂ්ටාචාරවල විවිධත්වය වැනි තේමා කෙරෙහි අවධානය යොමුකෙරේ. ෂී ජින් පිං මහතාගේ වැදගත් දේශන සහ ලිපිවල අන්තර්ගත සම්භාව්‍ය චීන උධෘත තුළින් පැහැදිලි වන විශිෂ්ට දේශපාලන දැක්ම සහ චීන නවීකරණයේ සංස්කෘතික පදනම ද මෙම වැඩසටහන්වල අන්තර්ගත වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම