චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට රූපවාහිනී ‍වැඩසටහන්වලට කසක්ස්ථාන ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර
2024-07-02 20:38:19
Share with:

චීන මාධ්‍ය සමූහය මගින් නිෂ්පාදිත විශිෂ්ට රූපවාහිනී ‍වැඩසටහන් පෙළක් කසක්ස්ථානයේ විකාශය කිරීම පිළිබඳ උළෙලක් එරට අස්තානා අගනුවර දී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ එරට නිල සංචාරයට සමගාමී ව විකාශය කෙරුණු මෙම වැඩසටහන් මාලාවට උද්යෝගිමත් ප්‍රතිචාර සහ පුළුල් ජනප්‍රියත්වයක් හිමි ව තිබේ.

මේ යටතේ කලාත්මක චීන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් 10 කට වැඩි ප්‍රමාණයක් කසකස්ථානයේ ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය. මෙම ක්‍රියාකාරකම සංවිධාන කෙරුණේ චීන මාධ්‍ය සමූහය, කසක්ස්ථානයේ සේද මාවත රූපවාහිනී සේවය සහ Atameken රූපවාහිනී සේවය මගිනි.

මෙය දෙරට ජනතාවට එකිනෙකා මනාව තේරුම් ගැනීම සඳහා විවර කෙරුණු ද්වි-මාර්ග කවුළුවක් බව ප්‍රේක්ෂකයෝ පවසති.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම