නේටෝව තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇතැයි චීනය කියයි
2024-07-02 18:59:37
Share with:

නේටෝ සංවිධානය තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බව චීනය කියාසිටී.

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg  චීනයට අදාළව කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

චීනයේ ක්‍රියාකාරකම් නේටෝ සංවිධානයේ වටිනාකම්, අවශ්‍යතා සහ ආරක්ෂාවට අභියෝගයක් වී ඇතැයි නේටෝව විශ්වාස කරන බව එම සංවිධානයේ මහලේකම්වරයා පසුගියදා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවිය.  රුසියාව මිසයිල සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සඳහා චීනයෙන් දියුණු තාක්‍ෂණය ආනයනය කරන බවත්, චීනය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ගැටුමට ඉන්ධන සපයන බවත් ඔහු පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ, නේටෝ සංවිධානයේ වටිනාකම් මොනවාදැයි තමා නොදන්නා බවයි. විවිධ ගැටුම් ඇතිකිරීමට මතවාදීමය කරුණු භාවිත කරන්නේ නම්, චීනය කිසිසේත් ඊට එකඟ නොවනු ඇත. චීනයට අභියෝග කරමින්, එහි දේශීය හා විදේශීය ප්‍රතිපත්ති විකෘති කරමින් රට අපකීර්තියට පත් කරන්නේ නේටෝ සංවිධානය බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම