චීන ජනපති අත්සනින් යුත් ලිපියක් කසකස්ථාන පුවත්පත්වල පළ වේ
2024-07-02 14:51:34
Share with:

කසක්ස්ථාන ජාත්‍යන්තර පුවත් ඒජන්සිය සහ Kazakhstanskaya Pravda පුවත්පත චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අත්සන සහිත ලිපියක් පළකරයි. ඒ, චීන ජනාධිපතිවරයා එරට නිල සංචාරයක් සඳහා අස්තානා අගනුවර වෙත පැමිණීම නිමිත්තෙනි.

වසර 11 කට පෙර,  සේද මාවතේ ආර්ථික තීරය පිළිබඳ මුලපිරුම තමා ප්‍රථම වරට කසක්ස්ථානයේ සිට ඉදිරිපත් කළ බවත්, එරට  විවිධ කණ්ඩායම්වල සක්‍රිය ප්‍රතිචාරය ඊට හිමි වූ බවත් ෂී ජින්පිං මහතා සිය ලිපියෙන් සිහිපත් කරයි. දෙරට අතර ‘එක් තීරයක් එක් මාවතක්’ දැවැන්ත ඒකාබද්ධ සංවර්ධනය ව්‍යාපාරය මෙයින් ඇරඹුණු අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නව තලයකට පිවිස ඇති බව ද ඔහු කියාසිටී.

අනාගතය දෙස විමසා බැලීමේ දී, චීන කසක්ස්ථාන සහයෝගතා සඳහා සුවිසල් වර්ධන අවකාශයක් පවතින බවත් එම සහයෝගතා සරු ප්‍රතිඵල දිනා ගනු ඒකාන්ත බවත් හෙතෙම පවසා ඇත. මෙවර සංචාරය ඔස්සේ Kassym-Jomart Tokayev ජනාධිපතිවරයා සමග එක්ව, මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් අංගසම්පූර්ණ සහයෝගතා තර කොට දෙරට සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳ නව සැලසුම් සිදු කිරීමට අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි. එසේම, චීන-කසක්ස්ථාන තිරසර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව මට්ටමකට නංවාලීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.

ශැංහයි සහයෝගතා සංවිධානයේ නායක සමුළුවට එක්වීම මෙවර තම සංචාරයේ තවත් වැදගත් අවස්ථාව බව ෂී ජින්පිං මහතා කියාසිටී. සංවිධානයේ වාරික සභාපති රට වශයෙන්, ඵලදායී වැඩකටයුතු රැසක් ඉටු කළ කසක්ස්ථානය එම සංවිධානයේ බලපෑම් ශක්තිය ඉහළ නංවාලීමට දායක වී තිබේ. චීනය ඒ පිළිබඳව ඉහළින් අගය කරයි. විවිධ පාර්ශ්වයන්ගේ පොදු ප්‍රයත්න තුළින් අස්තානා සමුළුව සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම