පාර්ලිමේන්තුවේ දී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
2024-07-02 15:16:50
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.  අද (2) ඉදිරිපත් කළ එම ප්‍රකාශයේ දී හෙතෙම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ අන්තර්ගතය පිළිබඳව කරුණු විග්‍රහ කළේය.

ඇ. ඩොලර් බිලියන 37 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විවිධ කැපකිරීම් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය. එම තත්ත්වය පීඩාකාරී වනු ඇත. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම වැඩසටහන ආරම්භ කර මාස 15 ක් පමණ ඇතුළත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේය.  පවතින භූ දේශපාලන ප්‍රවණතා මධ්‍යයේ ඊට අදාළ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉලක්ක වෙත යාම පහසු නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස් ය. කෙසේවෙතත් වසර 2032 වන විට රාජ්‍ය ණය 95% ක් දක්වා අඩුකර ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම