මෙරට දෙවැනි රබර් පර්යේෂණ ආයතනය ‌මොනරාගල දී විවෘත කෙරේ
2024-07-01 15:12:21
Share with:

ශ්‍රී ලංකාවේ දෙවැනි රබර් පර්යේෂණ ආයතනය ‌මොනරාගල කුඹුක්කන දී විවෘත කෙරේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණ. නව පර්යේෂණ ආයතනය සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 11 කි.

මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 16,000 ක රබර් වගා කර ඇත. මෙම ප්‍රමාණය හෙක්ටයාර 50,000 දක්වා ව්‍යාප්ත කිරීම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. දැනට මොණරාගල ප්‍රදේශයේ කුඩා පරිමාණ ගොවීන් 1000 ක පමණ පිරිසක් රබර් වගාවේ නිරත වන අතර, එම ප්‍රමාණය දෙගුණයකින් ඉහළ නැංවීමට ද පියවර ගැනේ.

ප්‍රදේශයේ නව වගාවක් ලෙස රබර් වගාවට ඉහළ පිළිගැනීමක් ද හිමි ව ඇත. නව රබර් පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් සෑම ගොවියෙකුටම රුපියල් ලක්ෂයක පමණ අමතර මුදලක් උපයා ගැනීමේ අවස්ථාව උදා වී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම