චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් සංගීත සංධ්වනියක්
2024-07-01 20:32:37
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් සංගීත සංධ්වනි ප්‍රසංගයක් පැවැත්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස ප්‍රදර්ශන ශාලාවේ දී ඊයේ (30) එම ප්‍රසංගය පැවැත්විණ. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය හා චීන මාධ්‍ය සමූහය විසින් එය සංවිධාන කරනු ලැබීය.

චීන රජයෙන් පිදෙන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ උසස්ම උපහාරයක් වන “ජූලි පළමුවැනිදා පදක්කම්”ලාභීන්, “දේශයේ පරමාදර්ශී පුද්ගලයන්”ලෙස නම් කරන ලද විශිෂ්ටයන් සහ පක්ෂයේ බිම් මට්ටමේ විශේෂ නියෝජිතයන් සහ බෙයිජිං නගරවාසීන් ඇතුළුව 800 ක පමණ පිරිසක් එම ප්‍රසංගය නැරඹූහ.

මෙම ප්‍රසංගයේ දී සියලු කලා ශිල්පීන් පළ කළ විශිෂ්ටත්වයෙන් පිළිබිඹු වන්නේ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සංස්කෘතික චින්තනය යටතේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා ජනතාව වෙත පවතින සංස්කෘතික අතින් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉහළ අභිලාෂයයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම