චීනය තමන්ට අනන්‍ය වූ මොඩලයක් ඔස්සේ නවීන සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටී
2024-07-01 14:56:39
Share with:

1949 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය හිමි කර ගත් විප්ලවීය ජයග්‍රහණයේ 75 වන සංවත්සරය මෙම වසරේ ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදී ඇත. අතීත ජයග්‍රහණ හරහා මේ වන විට චීනය තමන්ට අනන්‍ය මොඩලයක් ඔස්සේ ජනතා සුබ සාධනය සමග ඉහළ සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

චීන මහජන සමූහාණ්ඩු ඉතිහාසයේ ආරම්භක යුගයේ මාඕ සේතුං පාලනයෙන් අනතුරුව බලයට පත් ඩෙන් ෂියා‍ඕපිං නායකත්වය චීනය නව මාවතකට රැගෙන ඒමේ පුරෝගාමියා විය. 70 දශකය වන විට සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදී ලෝකය සහ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී ලෝකයක් පැවතිණ. චීන යේ ප්‍රාථමික සමාජවාදී සංවර්ධන අවධිය ලෙස ඔවුන් හඳුන්වන එම 70 දශකය, චීනයේ පමණක් නොව සමස්ත ලෝකයේම ආර්ථිකය එක් ස්ථාවර මන්දගාමී අවධියක පසු විය. නමුත් මේ තත්ත්වය තුළ චීනයේ ඩෙන් ෂියාඕපිං නායකත්වය ලෝකයේ මෙන්ම චීනයේ ඒ වන විට පැවති තත්ත්වය අවබෝධ කොට අධ්‍යනය කර නව සංකල්ප රටට හඳුන්වා දී තිබේ. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය එහි ප්‍රධානම හඳුන්වාදීමයි. මීයන් ඇල්ලීමට හැකි නම් බළළුන් සුදු හෝ කළු වූවාට ගැටළුවක් නොමැති බව පැවසූ ඩෙන් ෂියා‍ඕපිං මහතා චීනයේ සමාජවාදී ප්‍රතිසංස්කරණය හා නවීකරණ සංවර්ධන ක්‍රියාමාර්ගය සඳහාවූ ප්‍රතිපත්ති සම්පාදනයන්හි පුරෝගාමියා ලෙසට හැඳින්විය. එවැනි තත්ත්වයක් තුළ තමන්ට ආවේණික සමාජවාදී සංවර්ධන ගමනක චීනය නිරත විය. එම ගමනේ යෂ්ටිය ඩෙන් ෂියාඕපිං ගෙන් පසුව පාලනයට පත් නායකයින් අතරින් මේ වන විට ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත මාරු වී ඇති අතර චීනයේ ප්‍රතිසංසකරණය අංගසම්පූර්ණයෙන් ම පුළුල් කිරීම සඳහා නව ගමනකට ප්‍රවේශ වී ඇති බව ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.

1921 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කොට 2021 ට වසර 100 ක් සපිරේ. ඔවුන්ට ශතවර්ෂ ඉලක්කයක් පැවති අතර දරිද්‍රතාවය තුරන් කිරීම එහි පළමු ඉලක්කය විය. 2021 වසරේ චීනයේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජයග්‍රහණය කරා ළඟා වීමෙන් අනතුරුව තවත් ශත වර්ෂ ඉලක්කයක් පිළිබඳ නව අරමුණක චීනය එල්ඹ සිටී. එනම්  චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත් 1949 වසරේ සිට අවුරුදු 100ක් සම්පූර්ණ වන 2049 වසර වන විට නවීන සමාජවාදී රාජ්‍යක් බවට චීනය පත් කිරීමේ ඉලක්කයයි. වචන ඉක්මවා ගිය බොහෝ ගැඹුරු ආකල්පයන් මේ තුළ ගැබ්ව තිබේ. පැමිණි විශාල ගමනක් මේ තුළ පවතී. චීනයේ පෞද්ගලික අංශයක් සහ සක්‍රීය රාජ්‍ය අංශයක් මෙන්ම සාමූහිකව ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙලක් ද ඇත. මේ සියලු සංකලනයෙන් ඉදිරියට යන චීනයේ, මේ වන විට ක්‍රියාත්මක වන්නේ 14 වැනි පස් අවුරුදු සැලැස්මයි. 2021 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ ඒක පුද්ගල ආදායම අනුව ඉහළ සංවර්ධිත රටක් බවට පත් වීම චීනයේ අපේක්ෂාව වී තිබේ. ඒක පුද්ගල ආදායම වැඩි කර ගැනීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා මෙන්ම ඊට අමතරව 2035 වසර වන විට සමාජවාදී නවීකරණ රාමුවක් සකස් කොට එය සම්පූර්ණ කිරීමට සැලසුම් කරමින් සිටී. වර්තමානයේ ලෝකයේ සංකීර්ණ තාක්ෂණික අංශ 44කින් 37ක්ම චීනය සතුය. ඒ නිසා චීනය ජනතාවගේ ආර්ථිකය ඉදිරියට ගෙන යන අතරම ජනතා සුබ සාධනය අතිශයින්ම වැදගත් කොට සලකා ඒ සියල්ල සපුරමින් ඔවුන් නවීන සංවර්ධනයක් අත් කර ගනිමින් ඉදිරිය බලා ගමන් කරමින් සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම