ස්වයං විප්ලවීය ජීවගුණය සමගින් 103 වන සංවත්සර අභිමානය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය
2024-07-01 14:57:51
Share with:

2024 වර්ෂයේ ජූලි මස පළමු වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 103වන ඡන්ම දිනයයි. වර්ෂ 1949 දී නව චීනය පිහිටුවීමෙන් පසු එම පක්ෂය වසර 75ක් පුරා රටේ ආණ්ඩුබලය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම නූතන ලෝක ඉතිහාසයේ දීර්ඝතම ආණ්ඩුබලයක් හිමිව පවතින පක්ෂය ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය ඓතිහාසික සටහනක් ද එක් කරයි. සියවසකටත් වැඩි ඉතිහාසයක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂයට වර්ධන චක්‍රයෙන් නිදහස් විය හැක්කේ කෙසේ ද? චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා මේ ප්‍රශ්නයට පිළිතුර සපයනුයේ, පක්ෂයේ ස්වයං විප්ලය කෙරෙහි විශ්වාසය තබන ලෙස සඳහන් කරමිනි.

වසර සියයකට පමණ පෙර මාක්ස්වාදය චීනයට හඳුන්වා දී තිබේ. එහි සිද්ධාන්තයට අනුව නිෂ්පාදන සම්බන්ධතා, ඵලදායිතාවේ වර්ධනයට සීමාවක් වී ඇත්නම්, ඉන් සමාජ විප්ලවයක් උදා වනු ඇත. ආණ්ඩු පක්ෂය, සමාජීය විප්ලවය ඉදිරියට ගෙන යාමට නම්, සිය ‘අපිරිසිදු දෑ හා යල්පිනූ ‍දෑ’ අත්හරිමින් ස්වයං විප්ලවය වෙත යොමු විය යුතු ය. එය, චීන කොමියුනිස්ට් පක්ෂ ස්වයං විප්ලවයේ පදනම වී තිබේ.

චීන‍ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් ෂී ජින්පිං මහතා මාක්ස්වාදී චින්තනය, චීනයේ ප්‍රා‍යෝගික තත්ත්වය ඒකාබද්ධ කරමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විප්ලවය පිළිබඳ මූලික සිද්ධාන්තය ඉදිරිපත් කළේය. එය රට තිරසර ලෙස පාලනය කරමින්, පක්ෂයට වර්ධන චක්‍රයෙන් නිදහස් වීමේ විසඳුමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, ෂී ජින්පිං මහතා කෝටි දහයකට ආසන්න චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් මෙහෙයවමින් පක්ෂයේ ස්වයං විප්ලවය සිදු කර ඇත. පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවීමෙන් පසු, පක්ෂය දැඩි ලෙස පාලනය කිරීම, විනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, දූෂණය සමග නොනවතින සටන් දැඩිව දියත් කිරීම වැනි පියවර මගින් ඔහු පක්ෂයේ ස්වයං විප්ලවීය ක්‍රමය අඛණ්ඩව පරිපූර්ණ කිරීමට සමත් විය. එය සමස්ත පක්ෂ සාමාජිකයින් හා ජනතාව  සමග චීන ලක්ෂණ සහිත සමාජවාදී වෑයම සාර්ථකව මෙන්ම අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීමට මඟ විවර කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම