චීනය- ටජිකිස්ථාන සහ චීන - කසකස්ථාන සබඳතා තර වේ
2024-07-01 18:33:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ කසකස්ථාන සහ ටජිකිස්ථාන සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය තොරතුරු දැනුම් දෙයි.

විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමින් අදාළ කරුණු විග්‍රහ කළාය. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පස්වැනි කසකස්ථාන සංචාරය මෙය වන අතර, හෙතෙම ටජිකිස්ථානයේ රාජ්‍ය චාරිකාවක නිරත වන්නේ වසර පහකට පසුව යි.

කසකස්ථානය චීනයේ මිත්‍රශීලී අසල්වැසියෙකු මෙන්ම ස්ථිර පුළුල් උපායමාර්ගික හවුල්කරුවෙකු බව Mao Ning මහත්මිය එහිදී පැවසුවාය. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංචාරය චීන-කසකස්ථාන සබඳතා තවදුරටත් සහතික කරනු ඇත. එසේම, දෙරට අතර එක් තීරයක් එක් මාවතක් උසස් තත්ත්වයේ සහයෝගිතාව ද ඉන් තවදුරටත් තහවුරු කරනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කළාය.

ටජිකිස්ථානය ද චීනයට සමීප තවත් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවෙකි. පසුගිය වසරේ මැයි මාසයේ දී දෙරට රාජ්‍ය නායකයෝ පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්තාන ප්‍රජාවක් පිහිටුවීම ඒකාබද්ධව නිවේදනය කළහ. මෙවර සංචාරය නිමිති කර ගනිමින් එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා පුළුල් කරමින්, චීන-ටජිකිස්ථාන උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව උසස් තලයකට රැගෙන යාම සඳහා එක් ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම