කලාපීය ආර්ථික උද්‍යෝගය තහවුරු කරන ෂැංහයි සහයෝගිතා සංවිධානය
2024-07-01 17:34:12
Share with:

ෂැංහයි සහයෝගිතා සංවිධානය, චීනයේ නගරයක නමින් නම් කර ඇති එකම ජාත්‍යන්තර සංවිධානය ලෙස හැඳින්විය හැකිය. චීනය, මධ්‍යම ආසියාව සමග මෙන් ම යුරේසියානු රටවල් සමග පවා සහයෝගිතා පැවැත්වීමේ අතිශය පුළුල් වේදිකාවක් බවට එය පත් ව ඇත. මෙම සංවිධානය කෙරෙහි ඉහළ අවධානය යොමු කරන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2013 වසරේ සිට එම සංවිධානයේ සෑම රාජ්‍ය නායක සමුළුවකට ම සහභාගි වී තිබේ. එම අවස්ථාවල දී හෙතෙම විවිධ යෝජනා ඉදිරිපත් කරමින්, සංවිධානයේ ප්‍රගමනය උදෙසා ප්‍රශස්ත මාර්ගෝපදේශ ද ලබා දී තිබීම කැපීපෙනේ.

‘සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලය’ෂැංහයි සහයෝගිතා සංවිධානයේ උත්තරීතර බලායතනය යි. එහි වාර්ෂික සමුළුව පැවැත්වෙන්නේ වාරික සභාපතිත්වය හිමි රටේ සත්කාරකත්වයෙනි.     

2018 වසරේ ජූනි මාසයේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 18 වැනි සමුළුව චීනයේ Qingdao නගරයේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහි මුලසුන දරමින්, ‘ෂැංහයි චින්තනය පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැංවීම’ යන මැයෙන් යුත් දේශනයක් පැවැත්වීය. හෙතෙම ෂැංහයි සහ‍යෝගිතා සංවිධානයේ ‘පොදු ඉරණමක් සහිත ප්‍රජාව’ යන සංකල්පය එහිදී ඉදිරිපත් කළේය. මෙය සමුළුව අවසානයේ ප්‍රකාශයට පත්කෙරුණු ‘Qingdao ප්‍රකාශය’ට ද ඇතුළත් කර ඇති අතර, සංවිධානයේ වැදගත් දේශපාලනික එකඟතාවක් හා ඉලක්කයක් බවට ද එය පත්ව ඇත.

එසේ ම, ගතවූ වසර දශකයකට වැඩි කාලයක් තුළ, ෂැංහයි සහයෝගිතා සංවිධානය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා වන වැදගත් වේදිකාවක් වී ඇත. එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් ද්විපාර්ශ්වික සහයෝගිතාවන් හි සිට බහුපාර්ශ්වික සහයෝගිතා වෙත අවධානය යොමු කර ඇත. කලාපීය ආර්ථික උද්‍යෝගය එමගින් තහවුරු කර තිබීම කැපී පෙනේ.   

පරිමාණය අඛණ්ඩ ව පුළුල් කෙරෙන ෂැංහයි සහයෝගිතා සංවිධානය ‘විශාල පවුලක්’ ලෙස ෂී ජින්පිං මහතා බොහෝ අවස්ථාවල විග්‍රහ කර තිබේ. මේ වන විට, රටවල්  9ක් එහි සාමාජිකත්වය දරන අතර, නිරීක්ෂක රාජ්‍ය ලෙස කටයුතු කරන රටවල් ගණන 3 කි. එසේම, රටවල් 14 ක එහි සංවාද හවුල්කරුවන් ලෙස නම් කර ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම