ඔස්ට්‍රේලියානු නව ආණ්ඩුකාරවරියට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-01 10:54:44
Share with:

ඔස්ට්‍රේලියානු නව ආණ්ඩුකාර Samantha Mostyn මහත්මියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවිඩය අද(1) යොමුකර තිබේ.

විධිමත් හා ස්ථාවර චීන-ඕස්ට්‍රේලියානු සබඳතාව දෙරටේ සහ ඔවුන්ගේ ජනතාවගේ මූලික හා දිගුකාලීන අවශ්‍යතාවලට අනුකූල වන අතර කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා ද හිතකර වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

චීන-ඕස්ට්‍රේලියානු සබඳතාව වැදගත් කොට සලකන තමා, ඔස්ට්‍රේලියා පාර්ශ්වය සමඟ එක්ව වඩාත් ස්ථාවර හා ඵලදායී චීන-ඕස්ට්‍රේලියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට දෙරටේ ජනතාවට සුභ සෙත සැලසීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම