විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (2) ඇරඹේ
2024-07-01 17:06:07
Share with:

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට තීරණය කෙරේ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මේ බව පැවසීය.

පසුගිය 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය කර ඇත.

එසේම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2 වැනිදා පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම