ප්‍රංශ මැතිවරණයේ පළමු වටය අවසන්:අන්ත දක්ෂිණාංශික පක්ෂය ඉදිරියෙන්
2024-07-01 11:15:42
Share with:

ප්‍රංශයේ ව්‍යවස්ථාදායක මැතිවරණයේ පළමු වටය අවසන් වෙයි. ප්‍රංශයේ වේලාවෙන් ඊයේ (30) රාත්‍රි 8.00ට එරට ව්‍යවස්ථාදායක මැතිවරණයේ පළමු වටය නිමාවට පත් විය. ප්‍රංශයේ ජනමත විචාරණ ආයතනයක් වන Elabe මෙතෙක් හෙළි කළ මැතිවරණ ප්‍රතිඵල අනුව ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂය වන ජාතික සන්ධානය 33%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටී.මැතිවරණයෙන් වැඩිම ඡන්ද හිමි කරගත් දෙවන හා තුන්වන පක්ෂ වන්නේ නව ජනතා පෙරමුණ සහ ප්‍රංශ ජනාධිපතිවරයා නියෝජනය කරන ‍මධ්‍යවාදී සන්ධානයයි. එම පක්ෂ දෙක වෙන් වෙන් ව 28.5%ක් සහ 22%ක් ඡන්ද හිමි කරගෙන ඇත.

අන්ත දක්ෂිණාංශික ජාතික සන්ධානය ප්‍රංශ පාර්ලිමේන්තුවේ ආසන 260ත් 310ත් අතර ප්‍රමාණයක් ලබා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව හිමි පාර්ශ්වය බවට පත් වනු ඇතැයි Elabe ආයතනය පුරෝකථනය කර තිබේ.

ප්‍රංශයේ ව්‍යවස්ථාදායක මැතිවරණයේ දෙවැනි වටය එළඹෙන 7වැනි දා පැවැත්වීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම