රට වෙනුවෙන් සියලුදෙනා එක්වීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
2024-07-01 15:13:45
Share with:

පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා, රට වෙනුවෙන් සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බවත්, නව ඉදිරි ගමන වෙනුවෙන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා කියාසිටී.

හෙතෙම මේ බව පැවසුවේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන්මග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක්‍රිඩාංගණයේ ඊයේ (30) පැවති ජන හමුව අමතමිනි. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා විවිධ අංශවල සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී කරුණු විග්‍රහ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම