ඇමරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 46%ක් Joe Biden ජනාධිපති ධුරයට නැවත තරඟ නොකළ යුතු බවට මත පළ කරති
2024-07-01 09:45:07
Share with:

Joe Biden තවදුරටත් ජනාධිපති ධුරයට තරඟ නොකළ යුතු යැයි ඇමරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 46% ක් විශ්වාසය පළ කරති. ඇමරිකාවේ CBS විකාශන සමාගම සහ YouGov විමසුම් ආයතනය ඊයේ (30) ඒකාබද්ධව නිකුත් කළ මත විමසුමක ප්‍රතිඵලයෙන් එය පෙන්නුම් කෙරේ.

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකාවේ ජනාධිපති මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 1,130 ක් අතර එම මත විමසුම පසුගිය ජුනි 28 වැනිදා සහ 29 වැනිදා සිදු කෙරිණ.

ඇමරිකා‍නු ජනාධිපති Joe Bide සහ හිටපු ජනාධිපති Donald Trump පසුගිය ජුනි 27 වැනිදා සවස පළමු රූපවාහිනී විවාදය පැවැත්වූහ. එම විවාදයේදී Joe Bide විසින් සිදුකරන ලද අක්‍රමිකතා හෙළිවීමෙන් ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කනස්සල්ලට පත්ව ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම