Shanghai සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සෑමවිටම "Shanghai චින්තනය" සහතික කර ඇති බව චීනය කියයි
2024-07-01 18:09:56
Share with:

නුදුරේදී ම පැවැත්වෙන Shanghai සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුව, මේ වසරේ එම සංවිධානයට අදාළ වැදගත්ම සිදුවීම බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. අස්තානා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්ථාන චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියාය.

වසර 23 කට පෙර Shanghai සහයෝගිතා සංවිධානය පිහිටුවීමේ සිට මේ දක්වා සාමාජික රටවල් සෑමවිටම "Shanghai චින්තනය" සහතික කර ඇති බව Mao Ning මහත්මිය පැවසුවාය. අන්‍යෝන්‍ය විශ්වාසය හා ප්‍රතිලාභ, සමානාත්මතාව, උපදේශනය,විවිධ ශිෂ්ටාචාරවලට ගරු කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගිතාව එහි අන්තර්ගත වෙයි.

සාමාජික රටවල් පොදු සංවර්ධනය අරමුණු කර ගනිමින් බහුපාර්ශ්වික සහයෝගිතා පවත්වා ඇති අතර, නූතන ස්වරූපයේ ජාත්‍යන්තර සබඳතා සහ කලාපීය සහයෝගිතා සඳහා ද ඉන් ප්‍රශස්ත ආදර්ශයක් සපයා ඇත. මෙවර සමුළුවේ දී, ජනාධිපති ෂී ජින් පිං මහතා වර්තමානයේ ජාත්‍යන්තර සහ කලාපීය ගැටලුකාරී තත්ත්ව හමුවේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම පිළිබඳව සෙසු රාජ්‍ය නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගනු ඇත. Shanghai සහයෝගිතා සංවිධානයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සැලසුම් සම්පාදනය කිරීමට ද නියමිතය.

අස්තානා සමුළුවෙන් පසු 2024 - 2025 වසර සඳහා Shanghai සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනයට හිමි වන බව ද Mao Ning මහත්මිය පැවසුවාය. ඒ වසර හතකට පසුව යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම