බලවත් නවීකරණ සමාජවාදී රටක් අංගසම්පූර්ණයෙන් නිර්මාණය කිරීමේ ඉලක්කය කරා චීනය මෙහෙයවන චීනයේ ජාතික වැඩපිළිවෙළ
2024-07-01 15:27:02
Share with:

චීනය නිශ්චිත කාලරාමුවකට සහ වැඩපිළිවෙළකට අනුව ක්‍රියාත්මක වන රටක් වන අතර වාර්ෂිකව එරට තුළ පවත්වන ජාතික සැසිවාර එයට මනා සාක්ෂියකි. ප්‍රධාන ජාතික සැසිවාර තුළ දී ජනතා කේන්ද්‍රීය ලෙස ගන්නා තීරණ පිළිබඳ නිරන්තර සංවාද පැවැත්වීම එරට පාලන ක්‍රමයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් ද වේ. මේ වසරේ ද එරට ජාතික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කෙරෙන සැසිවාර අඛණ්ඩව පැවැත්වේ. එවැනි ප්‍රධාන සැසියක් වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය බෙයිංජි නුවර දී මෙම මස එනම් ජුලි 15 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ‍ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමස්ත නියෝජිත සම්මේලනයෙන් පසු පත් වූ මධ්‍යම කාරක සභාව සිය ඉලක්ක සාධනීය කර ගැනීම පිළිබඳ මීට පෙර පැවති පළමු සහ දෙවන පූර්ණ සැසිවාරවලදී සාකච්ඡා කළහ. සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතියක් පූර්ණ ලෙස ගොඩනැගීමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වන හෙයින් මෙම සැසිය වඩා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය වඩාත් පරිපූර්ණ කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. ‍එසේම මෙම සියවස මැදභාගය වනවිට චීනය බලවත් නවීකරණ සමාජවාදී රටක් අංගසම්පූර්ණයෙන් නිර්මාණය කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරයි. එහිදී පවතින අභියෝග මෙන්ම වර්තමාන ප්‍රගතිය පිළිබඳව නිරන්තර සාකච්ඡා කිරීම සිය අරමුණ වෙත ගමන් කිරීමේ දී වඩා වැදගත් වන හෙයින් මෙම සැසිය ද ඒ සඳහා වටිනා අවස්ථාවක් වනු ඇති බව හෙතෙම කියාසිටී.

මෙවැනි රැස්වීම තුළ දී ගනු ලබන තීරණ සහ එහි සාර්ථකත්වය හුදෙක් චීනයට පමණක් නොව සමස්ත ලෝකයට ද වැදගත් වේ. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය යෙදී තිබෙන බැවින් අද (01) දිනය ද චීන කොමියුනිස්ට් පක්ෂයට ‍සුවිශේෂ ඓතිහාසික දිනයකි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් ශ්‍රී ලංකා කොමියුනිස්ටි පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් ලෙසත් සිය සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම