චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට නිර්මාණ තජිකිස්ථානයේ විකාශනය ඇරඹේ
2024-07-01 11:09:28
Share with:

චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට වැඩසටහන් තජිකිස්ථානයේ විකාශනය ඇරඹේ. ඒ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 24වන රැස්වීමට එක්වෙමින් තජිකිස්ථානයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි.

චීන මාධ්‍ය සමූහය, තජිකිස්ථානයේ Khovar ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය සහ Sinamo රූපවාහිනිය එක්ව සංවිධානය කරන ලද, චීන මාධ්‍ය සමූහයේ වාරික වැඩසටහන් පිළිබඳ ප්‍රදර්ශනය ඊයේ(30) තජිකිස්ථානයේ Dushanbe නුවර දී ඇරඹිණ. ඒ සමග "ෂී ජින්පිං හමුවීම" ඇතුළු 10කට වැඩි චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් තජිකිස්ථානයේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විකාශනය ආරම්භ කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා එම ක්‍රියාකාරකම වෙනුවෙන් වීඩියෝ ආකාරයෙන් කතාවක් පැවැත්වීය. මෙම ක්‍රියාකාරකම චීන-තජිකිස්ථාන රාජ්‍ය නායක හමුවෙහි ප්‍රතිඵල ගැඹුරු කිරීම‍ට මෙන්ම, දෙරට අතර ආකල්පමය බැඳීම් ශක්තිමත් කිරීමට තවත් විචිත්‍රවත් භාවිතයක් බව, ඔහු පැවසීය. තජිකිස්ථානයේ මාධ්‍ය සගයන් සමඟ, හුවමාරු සහ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම ගැඹුරු කිරීමට, චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව, ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම