චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට නිර්මාණ කසකස්ථානයේ විකාශනය ඇරඹේ
2024-07-01 09:30:50
Share with:

චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට වැඩසටහන් කසකස්ථානයේ විකාශනය ඇරඹේ. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 24වන රැස්වීමට එක්වෙමින් කසකස්ථානයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි.

චීන මාධ්‍ය සමූහය සහ කසකස්ථාන ජනපති ගුවන් විදුලි හා රූපවාහිනී කාර්යාංශය යටතේ ඇති සේද මාවත රූපවාහිනී සේවය,  Atameken රූපවාහිනී සේවය ඒකාබද්ධව සංවිධාන කරන ‘චීන මාධ්‍ය සමූහයේ විශිෂ්ට රූපවාහිනී ‍වැඩසටහන් විකාශන ක්‍රියාකාරකම’ ඊයේ(30) අස්ටානා අගනගරයේ ඇරඹිණ. ඒ සමග ‘ෂී ජින්පිං හමුවීම’ ඇතුළු 10කට වැඩි චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් කසකස්ථානයේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විකාශනය ආරම්භ කර ඇත. එසේම රූපවාහිනී තිරයේ දැක්වෙන චීන කතන්දර මගින් දෙර‍ට අතර බැඳීම ශක්තිමත් කර මිත්‍රත්වය හා සහයෝගතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා එම ක්‍රියාකාරකම වෙනුවෙන් වීඩියෝ ආකාරයෙන් කතාවක් පැවැත්වීය.  කසකස්ථාන මාධ්‍ය ආයතන සමග ප්‍රායෝගික සහයෝගතා පුළුල් කරමින් පාරම්පරික මිතුදම හා පොදු ඉරණමක් සහිත උපරිම විශ්වාසයෙන් යුතු චීන කසකස්ථාන පොදු ප්‍රජාවේ ගොඩනැගීමට දායක වීමට තම ආයතනය සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.  


ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම