චීන ජනපතිගේ සහභාගීත්වයෙන් ශැංහයි සහයෝගිතා සංවිධානයේ විශේෂ රැස්වීම ලබන සතියේ
2024-06-30 16:10:51
Share with:

ෂී ජින්පිං ජනාධිපතිවරයා කසකස්ථානයේ අස්ටානා අගනගරයේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරී සමුළුවේ 24වැනි රැස්වීමට එක් වීමට නියමිතය.

අනතුරුව ඔහු කසකස්ථානය හා ටජික්ස්ථානය යන රටවල නිල සංචාරයන්ට ද  එක්වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය අද(30) ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරයා එම නිල විදේශ සංචාරයෙහි නිරත වන්නේ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev හා ටජික්ස්ථාන ජනාධිපති Emomali Rahmon යන මහත්වරුන් සිදු කළ ආරාධනාවට අනුවය. 

ෂී ජින්පිං මහතා ජූලි දෙවැනිදා සිට හය වනදා දක්වා මෙම සංචාර සඳහා එක් වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම