ගත වූ මාස නවය තුළ පමණක් ඇමරිකාව ඊශ්‍රායලයට ප්‍රබල බෝම්බ දස දහස් ගණනක් ලබා දුන් බවට ඇමරිකාවෙන් අනාවරණයක්
2024-06-30 16:08:33
Share with:

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටයේ ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇමරිකාව ඊශ්‍රායලයට ප්‍රබල බෝම්බ දස දහස් ගණනක් ලබා දී ඇති බව ඇමරිකානු නිලධාරීහු පවසති.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ගත වූ මාස නවය තුළ, ඇමරිකාව අවම වශයෙන් රාත්තල් 2000ක බෝම්බ 14000ක්, රාත්තල් 500ක බෝම්බ 6500ක්, “Hellfire” නමැති මිසයිල 3000ක්, ගුවනින් එල්ල කරන අවම විෂ්කම්භයකින් යුත් බෝම්බ 2600ක් ඇතුළු විවිධ වර්ගයේ බෝම්බ ඊශ්‍රායලයට ලබා දී ඇතැයි නිර්නාමික ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙක් පවසන බව රොයිටර්ස් පුවත් සේවය පසුගිය 28 වැනිදා වාර්තා කළේය. සාමාන්‍යයෙන් රාත්තල් 500ක් හෝ ඊට වැඩි බෝම්බ ප්‍රබල බෝම්බ ලෙස වර්ග කෙරේ.

ඇමරිකානු රජයට සති දෙකකින් රාත්තල් 500ක බෝම්බ 1700ක් ඊශ්‍රායලයට ලබා දිය හැකි බව ඇමරිකාවේ නිලධාරියෙකු සහ ඊශ්‍රායල නිලධාරියෙකු පවසා ඇති බව ද ඇමරිකාවේ Axios පුවත් වෙබ් අඩවිය පසුගිය 27 වැනිදා වාර්තා කළේය.

ඇමරිකාව ඊශ්‍රායලයේ විශාලතම යුදමය ආධාර සපයන්නා වේ. මෑත වසරවල, මෙන්ම සෑම වසරකම ඇමරිකාව ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දී ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම