චීන විදේශ අමාත්‍යවරයා සහ මියන්මාරයේ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක්
2024-06-30 15:34:00
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(29) බෙයිජිංහි දී මියන්මාරයේ හිටපු ජනාධිපති U Thein Sein මහතා හමුවිය.

එහිදී විදේශ අමාත්‍යවරයා පැවසුවේ චීන නායකයින් මීට වසර 70 කට පෙර සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ඉදිරිපත් කළ බවයි. එහිදී මියන්මාරය පළමුව එම මූලධර්ම සඳහා ප්‍රතිචාර දක්වමින් ආසියාව පුරා එය ප්‍රවර්ධනය කිරීමට කැප වූ බව ද හෙතෙම සඳහන් කළේය. 

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය මෙම පස්වැදෑරුම් මූලධර්මයන්ට නව අර්ථකථනයක් එක් කර ඇත. එමෙන්ම වර්තමාන ගෝලීය අභියෝග විසඳීම සඳහා එය වැදගත් පොදු වේදිකාවක් වනු ඇති බව ද Wang Yi මහතා සඳහන් කළේය.

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ක්‍රියාත්මක කිරීමට සහ චීන-මියන්මාර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ඉදිරියටත් මියන්මාරය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද  Wang Yi මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

මේ අතර චීන විදේශ අමාත්‍යවරයා ඊයේ(29) බෙයිජිංහි දී තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Don Pramudwinai සහ දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය Lee Hae-chan යන මහත්වරුන් ද හමු වී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම