අන්තර්ජාතික විශේෂිත පොලිස් ඒකකවලට දායක වීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන්
2024-06-30 16:00:46
Share with:

ඉහළ යමින් පවතින ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අන්තර්ජාතික විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 2024 එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ප්‍රචණ්ඩ ගැටුම් වැඩිවීම, ගැටුම්කාරී කලාපවල සිවිල් වැසියන්ගේ පීඩාකාරී තත්ත්වය, සයිබර් අපරාධ සහ ආයුධ සන්නද්ධ තාක්ෂණය වැනි සාම්ප්‍රදායික නොවන තර්ජන මතුවීම ඇතුළු ගෝලීය ආරක්ෂක අභියෝගවල සංකීර්ණත්වය අමාත්‍ය ටිරාන් අලස් මහතා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සමාන ආරක්ෂක අභියෝගවලට මුහුණ දෙන හවුල්කාර රටවල් සමග සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම