නව යුගයේ නව ගමනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වගකීම් පිළිබඳ කරුණු ඇතුළත් චීන ජනපතිගේ විශේෂ ලිපියක් හෙට නිකුත් කෙරේ
2024-06-30 18:42:24
Share with:

නව යුගයේ නව ගමනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වගකීම් පිළිබඳ කරුණු ඇතුළත් චීන ජනාධිපති  ෂී ජින් පිං මහතාගේ විශේෂ ලිපියක් හෙට(1) නිකුත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් මෙම වැදගත් ලිපිය Qiushi සඟරාවේ 13වැනි කලාපයේ පළ කෙරෙනු ඇත. 2022 වසරේ ඔක්තෝබර් මස 16 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේදී ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ වාර්තාවේ කොටසක් ඇතුළත්ව මෙම ලිපිය සම්පාදනය වී තිබේ.

සමස්ත චීනයේ විවිධ ජාතීන්ට අයත් ජනතාව මෙහෙයවා බලවත් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණයෙන් ගොඩනගමින් ‘දෙවන සියවසේ ඉලක්කය’ සාක්ෂාත් කිරීම, චීන ලක්ෂණයන් සහිත නවීකරණය ඔස්සේ චීන ජාතියේ පුනර්ජීවනය පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම වර්තමානයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය වගකීම් වන බව එම ලිපියේ සඳහන් කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හා චීන ලක්ෂණයන් සහිත සමාජවාදය ස්ථිර ලෙස අනුගමනය කිරීම, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සාක්ෂාත් කරගැනීම, උසස් තත්ත්වයේ සංවර්ධනයක් ළඟා කරගැනීම, ජනතාවගේ ආධ්‍යාත්මික දැක්ම පුළුල් කිරීම සහ සමස්ත ජනතාවට පොදු සමෘද්ධිය ළඟා කරගැනීම, චීන ලක්ෂණයන් සහිත නවීකරණයේ මුලික අවශ්‍යතාවන් වේ. එමෙන්ම මිනිසා හා සොබාදහම අතර සුසංයෝගී සහජීවනය ප්‍රවර්ධනය කිරීම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරමින් මානව ශිෂ්ටාචාරයේ නව ව්‍යහුයක් නිර්මාණය කිරීම යන කරුණු ද ඊට ඇතුළත් වන බව එහි සඳහන් ව ඇත. 

බලවත් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණයෙන් ගොඩනගා ගැනීමේ උපායමාර්ගික පියවර දෙකක් ඇත. පළමුවැන්න වනුයේ 2020 වසරේ සිට 2035 වසර දක්වා සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමයි. දෙවැන්න 2035 වසරේ සිට මේ සියවසේ මැද භාගයේදී  චීනය සමෘද්ධිමත්, ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ටාචාරගත, මෙන්ම සුසංයෝගී ලක්ෂණයන්ගෙන් යුත් බලවත් සමාජවාදී නවීකරණ රටක් ලෙස ගොඩනැගීම සාක්ෂාත් කර ගැනීමයි.

ඉතිහාසයේදී කවරදාටත් වඩා වර්තමානයේ චීන කොමියුනිස්ට් පක්ෂයට චීන ජාතියේ පුනර්ජීවන අරමුණ සාක්ෂාත් කිරීමේ ඉලක්කය වඩා සමීප, වඩා විශ්වසනීයව සහ සාර්ථකව ළඟා කර ගැනීමට හැකියාව ඇත. ඒ සමගම, චීනය වඩාත් දුෂ්කර හා වෙහෙසකර උත්සාහයන්ට මුහුණ දීමට සූදානම් විය යුතු බවද ෂී ජින් පිං මහතාගේ එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම