Shenzhen-Zhongshan හරස් මුහුදු මාර්ගය විවෘත කිරීමේ ඓතිහාසික අවස්ථාවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-06-30 16:08:20
Share with:

Shenzhen-Zhongshan හරස් මුහුදු මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි. 

දකුණු චීනයේ Shenzhen නගරයේ සිට Zhongshan නගරය දක්වා ඉදි කළ හරස් මුහුදු මාර්ගය අද(30) ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරමින් ජනතා අයිතියට පැවරිණ. මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, සහ මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා එම ව්‍යාපෘතියේ සැලසුම් හා ඉදිකිරීම් කටයුතුවලට එක්වූ සියළු සේවක මණ්ඩලය වෙත සිය සුබ පැතුම් පිරිනමා ඇත.

Shenzhen-Zhongshan හරස් මුහුදු මාර්ගය හොංකොං -Zhuhai-මැකෞව් දැවැන්ත පාලම ඉදිකිරීමෙන් පසු ගුවන්තුං පළාත, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞව් විශේෂ පරිපාලන කලාපය ඇතුළත් වන මහා බොක්ක ප්‍රදේශයේ ඉදිකෙරුණු තවත් මහා පරිමාණයේ ගමනාගමන ව්‍යාපෘතියකි. එය ගෝලීය මට්ටමේ තාක්ෂණික ගැටළු රැසකට විසඳුම් සපයමින් ලෝක වාර්තා රැසකට ද හිමිකම් කියන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයකි. එම ව්‍යාපෘතියට එක්වූ සේවක මණ්ඩලය වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිය නොපසුබට උත්සාහයෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය  සම්පූර්ණ කළ බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී එම මාර්ගය මනා ලෙස භාවිත කරමින් එහි සුරක්ෂිත, විධිමත්, සුවපහසු මෙන්ම ඉහළ කාර්යක්ෂම බව සහතික කළ යුතු ය. එමගින් Zhujiang ගංඟා මෝයේ නැගෙනහිර හා බටහිර දෙපස ඒකාබද්ධ සංවර්ධනය තහවුරු කරමින් ගුවන්තුං-හොංකොං-මැකෞව් මහා බොක්ක ප්‍රදේශයේ යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ඉහළ නංවාලීමට අපේක්ෂා කෙරේ. අදාළ ප්‍රදේශයේ වෙළඳපොල ඒකීයකරණ ඉදිරියට ගෙන යමින් එම ප්‍රදේශය රටේ නව සංවර්ධන ව්‍යුහයේ උපායමාර්ගික කේන්ද්‍රයක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වේ. එමෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ මනා ආදර්ශයක් හා චීන ලක්ෂණයන් සහිත නවීකරණයේ ප්‍රමුඛ ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා Shenzhen-Zhongshan හරස් මුහුදු මාර්ගය වඩා වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම