චීනයේ Zhongxing-3A චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ
2024-06-30 16:13:18
Share with:

චීන Zhongxing-3A චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් ඊයේ (29) රාත්‍රී 19:57ට වෙන්චාං චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව ගුවන්ගත කෙරිණ. ලෝන්ග් මාර්ච් අංක 7 නවීකරණය කරන ලද වාහක රොකට්ටුව ආධාරයෙන් දියත් කෙරුණු චන්ද්‍රිකාව නියමිත කක්ෂයට සාර්ථකව ප්‍රවේශ වී තිබේ.

Zhongxing-3A චන්ද්‍රිකාව සන්නිවේදන හා ගුවන්විදුලි චන්ද්‍රිකාවකි. එමගින් සේවාදායකයින් වෙනුවෙන් ඇමතුම්, දත්ත හුවමාරුව, ගුවන්විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ඇත.

මෙය ලෝන්ග් මාර්ච් වාහක රොකට්ටුවේ 526 වන මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම