2024 වර්ෂයේ ජනවාර්ගික කණ්ඩායම් සංවර්ධන අරමුදල වෙනුවෙන් චීන මධ්‍යම රජය චීන යුවාන් බිලියන 7.4 ක්
2024-06-29 17:18:20
Share with:

2024 වර්ෂයේ ජනවාර්ගික කණ්ඩායම් සංවර්ධන අරමුදල වෙනුවෙන් චීන මධ්‍යම රජය චීන යුවාන් බිලියන 7.4 ක වෙන් කරයි.

ඒ අනුව මෑතකදී මෙම අරමුදල් චීනයේ පළාත් 28 කට හා Xinjiang හි නිෂ්පාදන සහ ඉදිකිරීම් කණ්ඩායමට අදාළ කෝරළවලට ද බෙදා දී තිබේ.

චීනයේ සුළුතර ජනවාර්ගිකයින් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල ග්‍රාමීය නිෂ්පාදන සහ ජන ජීවන තත්ත්වය, හස්ත කර්මාන්තය සහ සංස්කෘතික හා සංචාරක ඇතුළු විවිධ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එම අරමුදල සහාය වන බවත් රටේ සංවර්ධනයේ දී සියලු අංගයන් ඇතුලත් පොදු චීන ජාතික ප්‍රජාවක් ගොඩනැඟීම ඉන් පිළිබිඹු කෙරෙන බවත් චීන ජාතික සුළුතර ජනවාර්ගික කටයුතු පිළිබඳ කොමිසමේ ප්‍රධානියෙක් සඳහන් කළේය.

ඉදිරියේදී ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හදවත් යා කිරීමට උපකාරී වන ව්‍යාපෘති ගණනාවක් චීන ජාතික සුළුතර ජනවාර්ගික කටයුතු පිළිබඳ කොමිසම ආරම්භ කරනු ඇත. විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර හුවමාරු ශක්තිමත් කිරීම සඳහා ජනවාර්ගික සංස්කෘතික සංචාරක කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, සමස්ත ජනතාවගේ ශ්‍රමික කුසලතා හා සේවක නිපුණතා වැඩි දියුණු කිරීමට එම කොමිසම උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම