චීන අගමැති සහ පේරු ජනපති අතර හමුවක්
2024-06-29 16:36:25
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පේරු ජනාධිපතිනි Dina Ercilia Boluarte Zegarra මහත්මිය ඊයේ(28)  බෙයිජිංහි දී හමු විය.

2013 වසරේ දී චීන-පේරු දෙපාර්ශ්වය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත විය. ඉන් පසු දෙපාර්ශ්වය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් කර ගනිමින් ප්‍රායෝගික සහයෝගීතාව ඔස්සේ චීනය සහ ලතින් ඇමරිකානු රටවල් අතර සමගිය සහ පොදු සංවර්ධනය සඳහා මනා ආදර්ශයක් ලෙස කටයුතු කළ බව Li Qiang මහතා එහිදී පැවසීය.

මේ වසරේ පේරු රාජ්‍යයේ පැවැත්වෙන APEC සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීම සඳහා චීනය පේරු රාජ්‍යයට සහාය දෙන අතර ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන් සහ APEC වැනි විවිධ බහුපාර්ශ්වික යාන්ත්‍රණය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කර ගැනීමට ද බලාපොරොත්තු වන බව Li Qiang මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර එහිදී අදහස් දැක්වූ පේරු ජනාධිපතිනිය, දෙරට අතර පවතින මිත්‍රත්වය අගය කළ අතර පේරු හි ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා චීන ව්‍යවසායන්ගේ ආයෝජන ඵලදායි ලෙස ඉවහල් වූ බව සඳහන් කළාය. එමෙන්ම සිය රට තුළ ආයෝජන සඳහා පැමිණෙන චීන ව්‍යවසායන් සාදරයෙන් පිළිගන්නා බවත්, යටිතල පහසුකම් ඉදිකිරීම, නව බලශක්තිය, හරිත සංවර්ධනය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

සිය රට එකම චීනය මූලධර්මයට අනුගත වන බවත්, ගෝලීය ආරක්ෂක මුලපිරුම සඳහා සහය දක්වමින් ලෝක සාමය සහ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට සූදානම් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම