සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සරයේ ‘බෙයිජිං ප්‍රකාශනය’ නිකුත් කෙරේ
2024-06-29 17:27:43
Share with:

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සම්මේලනයේ ‘බෙයිජිං ප්‍රකාශනය’ නිකුත් කෙරේ.

විවිධ විපර්යාසයෙන් යුතු වත්මන් ගෝලීය තත්ත්වය හමුවේ සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ලෝකයට වඩාත් ප්‍රබල ශක්තියක් එක් කර ඇතැයි එම ප්‍රකාශනයේ දැක්වේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යාම, ‘පස්වැදෑරුම් මූලධර්ම’ ක්‍රියාත්මක කිරීමේ අනිවාර්ය ඓතිහාසික ප්‍රවණතාවයකි. එය එම මූලධර්මවලට යාවත්කාලීන අන්තර්ගතය එකතු කර ඇත.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය, සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්මවල ‍ජීවගුණය උරුම කර ගනිමින් නිර්මාණශීලිත්වයෙන් යුත් නව සංවර්ධනයක් සාක්ෂාත් කර ගෙන තිබේ. එනම්, පොදු ඉරණම හුවමාරු කර ගැනීමේ විෂයමූලික සත්‍යය මත, තිරසර සාමය, පොදු ආරක්ෂාව, පොදු සමෘද්ධිය, විවෘතභාවය හා සහයෝගය පිළිබඳ පවිත්‍ර ලෝකයක් සංවර්ධනය කිරීමේ පොදු ඉලක්කය ඉන් පැහැදිලි කර ඇත. සියලු රටවල් මේ මිහිකත තුළ එක්ව අත්වැල් ‍බැඳ ජීවත් වීමේ දිශානතිය ද  මින් පෙන්වා දී තිබේ.

 චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ ඇගයුමට ලක් වේ. එම වැඩපිළිවෙළ හා මුලපිරුම් ලෝක සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම, ලෝකයේ අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනයට හා මානව ශිෂ්ටාචාරයේ දියුණුව උදෙසා විශාල දායකත්වයක් ලබා දී ඇත.එමෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද ඉන් සපයා ඇතැයි බෙයිජිං ප්‍රකාශනය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම