එක්සත් ජාතීන්ගේ සංවිධානය 2024 වසරේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ වාර්තාව අද(28) නිකුත් කර ඇත
2024-06-29 17:29:48
Share with:

මෙම වාර්තාවට අනුව තිරසර සංවර්ධන ඉලක්ක අතරින් සියයට 17ක් පමණ ඵලදායී ලෙස ඉදිරියට ගෙන ගොස් තිබේ. ඉන් සියයට භාගයක් පමණ අවම කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. එමෙන්ම තුනෙන් එකකට වැඩි ඉලක්ක ප්‍රමාණයක් සාක්ෂාත් කිරීමේ දී පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වසරකට තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ආයෝජනයක් අවශ්‍ය ය. ආහාර, බලශක්ති, සමාජ ආරක්ෂාව, ඩිජිටල් සන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍රවල පරිවර්තනය වෙනුවෙන් විශාල ආයෝජන හා ඵලදායී හවුල්කාරී සබඳතා අවශ්‍යය වන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතයේ බලපෑම, උග්‍ර ගැටුම්, භූ දේශපාලන තත්ත්වය හා දේශගුණ විෂමතා ඇතුළු සාධක, තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමට බාධා එල්ල කර තිබේ.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම වෙනුවෙන් වර්තමානයේ වඩාත් ප්‍රබල මෙන්ම ඵලදායී ජාත්‍යන්තර සහයෝගිතා පැවැත්වීමට අත්‍යවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ද පැවසීය.

2015 වසරේ සැප්තැම්බර් මස දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, තිරසර සංවර්ධන ඉලක්ක 17ක් කේන්ද්‍රීය කර ගත් 2030  තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සම්මත කළේය. ඒ වසර 2030 ට පෙර දරිද්‍රතාවය පිටුදැකීම, සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම හා දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම