සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් පැවති දිවා භෝජන සංග්‍රහයේ දී විදේශ අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
2024-06-29 15:37:18
Share with:

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ඊයේ(28) පැවති දිවා භෝජන සංග්‍රහයට චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා එක් වෙයි. 

එහිදී දේශනයක් සිදු කරමින් විදේශ අමාත්‍යවරයා කියාසිටියේ මෙම සංවත්සරය සනිටුහන් කරමින් පැවති සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ දේශනය සාමකාමී සහජීවනයේ හරය පුළුල් ලෙස විස්තර කළ බවයි. 

මෙම පස්වැදෑරුම් මූලධර්ම සමස්ත මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් ගොඩනැගීමේ දිශානතිය සමගින් සියවසක් තුළ නොදුටු පුළුල් වෙනස්කම් මධ්‍යයේ නව යුගයේ වටිනාකම් පෙන්වා දී ඇත. එමෙන්ම සමස්ත ලෝකයට වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ගෝලීය දකුණේ රටවල් සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරන බවට ප්‍රබල පණිවිඩයක් මෙමගින් යොමු කර ඇත.

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්මවල ඓතිහාසික හරය නිසි පරිදි භාවිත කරමින් වර්තමාන ලෝකයේ පවතින දුෂ්කරතා සහ අභියෝග විසඳීමට ඒකාබද්ධව උත්සාහ දැරිය යුතු බව Wang Yi මහතා එහිදී සඳහන් කර ඇත.

සාධාරණත්වය සහ යුක්තිය සමගින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන සාමකාමී ගෝලීය පරිසරයක් නිර්මාණය කර මානව ශිෂ්ටාචාරයේ දැක්ම පුළුල් කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමග සාමූහිකව ක්‍රියා කිරීමට අපේක්ෂා කරයි. වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස චීනයේ භූමිකාව සියලුම පාර්ශ්වයන්ගේ අගය කිරීමට ද ලක්ව ඇත. මෙම මූලධර්ම සහ ගෝලීය දකුණේ සහයෝගීතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ නව ක්‍රියාමාර්ග සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුකම සහ සංවර්ධනයට ප්‍රබල උත්තේජනයක් ලබා දෙනු ඇති බව ද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම