චීන ආර්ථිකයේ හිතකර සංවර්ධනය සමස්ත ලොවටම ධනාත්මක අපේක්ෂාවන් ගෙන එන බව ලෝක බැංකුවේ සභාපතිගෙන් ප්‍රකාශයක්
2024-06-29 18:22:14
Share with:

චීන ආර්ථිකයේ හිතකර සංවර්ධනය ලොවට බලපාන බව ලෝක බැංකුවේ සභාපති Ajay Banga මහතා පවසයි. හෙතෙම ඒ බව පැවසුවේ චීන මාධ්‍ය සමූහය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සියලු ආර්ථිකයන්හි සංවර්ධන මාවත පසුබෑම් සහ අතපසුවීම්වලින් පිරී ඇති අතර එය ක්‍රමානුකූලව සංවර්ධනය වන බව Ajay Banga මහතා චීනයේ ඉහළ මට්ටමේ සංවර්ධන සංසදයක දී පවසා ඇත. නමුත් චීනයේ අසාමාන්‍ය සංවර්ධන ගමන ඕනෑම දෙයක් සිදු විය හැකි බව ඔප්පු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

නව්‍ය තාක්ෂණය, හරිත කර්මාන්ත සහ පරිභෝජන වර්ධන අවශ්‍යතාවන් සහිත අනාගතය දෙසට චීන ආර්ථික පරිවර්තනය යොමු වෙමින් තිබෙන  බව Ajay Banga මහතා කියාසිටියේය. ගත වූ වසර 7-10 කාලය තුළ, අනාගත පරම්පරාවට වඩා යහපත් තිරසර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා චීනය වායුව, ජලය සහ පසෙහි ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කරමින් සිටී. ආර්ථික වර්ධනය හඹා යන අතරම පාරිසරික වගකීම් ඉටු කළ හැකි බව ඔප්පු කිරීමට චීනය උත්සාහ කරමින් සිටින බව ද ඔහු කියා සිටී.

දැනට චීනයේ සෑම වසරකම මිලියන 15 ක පමණ පිරිසක් පුහුණුව හා අධ්‍යාපනය අවසන් කර ශ්‍රම වෙළඳපොළට ඇතුළු වෙති. මෙවන් ඉහළ ගුණාත්මක ශ්‍රම සම්පත් ආර්ථික වර්ධනයට වඩාත් හිතකරය. චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය යනු පරිසරය කෙරෙහි අවධානය යොමු කරන සංවර්ධනයක් වන අතර, එය රටේ ජනගහණ තත්ත්වයට අනුකූල සංවර්ධනයක් බව Ajay Banga මහතාගේ අදහස වී තිබේ.

එමෙන්ම චීනය සහ ලෝක බැංකුව අතර සහයෝගීතාව මනා ආදර්ශයක් ලෙස සැලකිය හැකි බව Ajay Banga මහතා පෙන්වා දුන්නේය. පසුගිය දශක හතර තුළ චීනය, ආධාර ලබන්නෙකුගේ සිට විශාලතම පරිත්‍යාගශීලියෙකු බවටත්, අත්දැකීම් තුළින් ඉගෙන ගනිමින් සිටි අයකු අත්දැකීම් බෙදාහරින්නෙකු බවටත් පත්ව ඇති බව ඔහු පැවසීය. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සහ ලෝක බැංකුව අතර සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් වනු ඇතැයි Ajay Banga මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී සිය අපේක්ෂා පළ කර ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම