කාලීන යුගයන්හි ප්‍රවණතාවන්ට නිවැරදි විසඳුම් සපයන චීනය
2024-06-29 18:41:22
Share with:

මීට වසර 70කට පමණ පෙර ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ජාතික නිදහස් හා විමුක්ති ව්‍යාපාර වර්ධනය වී තිබේ. ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම හා ජාතික ආර්ථිකය වර්ධනය කර ගැනීම නව රටවල්වල බලාපොරොත්තු වී තිබිණ. එවන් යුගයක චීන නායකයන් ප්‍රථම වරට සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ඉදිරිපත් කරමින් අන්තර් රාජ්‍ය සබඳතා පාලනය කිරීම වෙනුවෙන් ස්ථිර ඵලදායී පිළිතුරක් ලබා දී තිබේ.

එසේම "මානවයා ගොඩනඟනුයේ කුමන ආකාරයේ ලෝකයක් ද සහ මේ ලෝකය ගොඩනඟන්නේ කෙසේද?"යන ප්‍රධාන ප්‍රශ්නවලට වර්තමානයේ චීනය“පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම”යන වත්මන් යුගයේ පිළිතුර ලබා දී ඇත.

ගෙවී ගිය වසර 70 තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද රටවල් අතර සබඳතාව නිර්මාණශීලීව ගවේෂණය කිරීම, ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් වගකීම ඉටු කිරීම හා සාධාරණ මෙන්ම යුක්ති සහගත ජාත්‍යන්තර පටිපාටිය වෙත ගමන් කිරීමේ  චීනයේ දැඩි අධිෂ්ඨානය හා උත්සාහය කිසිදු ලෙසකින් වෙනස් වී නොමැත.

පසුගිය 28 වනදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සමුළුවට සහභාගී වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීය. එහිදී ‘පස්වැදෑරුම් මූලධර්මයේ’ අන්තර්ගතය හා වටිනාකම මනාව පැහැදිලි කළ හෙතෙම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය නව යුගයේ සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්මයන්ට නිවැරදි වටිනාකම් එක් කර එය තවදුරටත් ඉස්මතු කර තිබෙන බව ද සඳහන් කළේය. සමස්ත ලෝක වාසීන් සමග එක්ව සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම පිළිබඳ ‘ගෝලීය දකුණේ’ අධිෂ්ඨානශීලි හඬක් ඉන් පිළිබිඹු කෙරේ.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් "ගෝලීය දකුණ" අතර ‘විවෘතභාවය මෙන්ම වෙනස්කම් පිළිගැනීම සහිත සහයෝගිතා මුලපිරුම’ මෙවර සමුළුවේදී චීනය විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ සමගම ගෝලීය දකුණේ  සහයෝගිතාවන්ට සහාය වන පියවර 8ක් ප්‍රකාශයට පත් කෙරිණ. හැකියා වර්ධනය, තරුණ  හුවමාරු, ආර්ථික සංවර්ධනය, නිදහස් වෙළඳාම, කෘෂිකාර්මික සහයෝගිතා, ඩිජිටල් ආර්ථිකය, හරිත පාරිසරික විද්‍යාව යන විවිධ ක්ෂේත්‍ර ඊට ඇතුළත් ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් කිරීම, එම රටවල් හා සංවර්ධිත රටවල් අතර සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම හා මානව ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමට ද එය නව ජවයක් එක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම