චීන-පේරු ද්විපාර්ශ්වික සහයෝගිතා ශක්තිමත්ව ඉදිරියට
2024-06-28 20:19:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අද (28) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.

දෙර‍ටේ සබඳතා සංවර්ධනය කිරීම චීනය වැදගත් කොට සලකන අතර, පේරු රාජ්‍යයට අනන්‍ය සංවර්ධන මාවතක ගමන් කිරීමට චීනය සිය සහාය දෙන බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පැවසීය. ආර්ථික සහයෝගීතාව පිළිබඳ දෙරටේ ආණ්ඩු අතර පවතින උපායමාර්ගික සංවාද යාන්ත්‍රණය පූර්ණ ලෙස භාවිත කර, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙලේ උසස් තත්ත්වයේ සංවර්ධනය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ ‘ක්‍රියාමාර්ග අට’ පේරු හි සංවර්ධන අවශ්‍යතා සමග සම්බන්ධීකරණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය. දෙපාර්ශ්වය ඛනිජ, බලශක්ති, නිෂ්පාදන, කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල සහයෝගීතා තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, නව බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් සෞඛ්‍යය වැනි අලුතින් නැගී එන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමට ද චීනය අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

මෑත වසරවල පේරු හි චීන සමාගම්වල ආයෝජන සහ චීන පාර්ශ්වය සමග සහයෝගීතාව තම රටට විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කළා පමණක් නොව, උසස් තාක්‍ෂණය සහ අත්දැකීම් ද එක් කළ බව Dina Boluarte මහත්මිය එහිදී පැවසුවාය. චීනයේ සංවර්ධන අත්දැකීම්වලින් ඉගෙන ගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම හරහා, පේරු හි වඩා කැපි පෙනෙන සංවර්ධනයක් අත්කර ගත හැකි බවට ඇය බලාපොරොත්තු පළ කළාය. එකම චීනය මූලධර්මයට පේරු රාජ්‍යය දැඩි ලෙස අනුගත වන අතර, ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරීම්වලට සහාය වන බව ද ඇය කියා සිටියාය.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වය, "2024-2029 චීන-පේරු රජයන් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මට" අත්සන් තැබූහ. එමෙන්ම ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව, ඩිජිටල් ආර්ථිකය, තාක්ෂණික නවෝත්පාදනය, වසංගත පරීක්ෂාව හා නිරෝධායනය මෙන්ම මාධ්‍යය ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට එම අවස්ථාවේදී අත්සන් තැබිණ. නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීමේ සාකච්ඡාව  සාර්ථකව නිමාවට පත්ව ඇති බව ද දෙපාර්ශ්වය එහිදී ඒකාබද්ධව ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම