ජපානය සිය න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවදානම සමස්ත ලෝකයට පැවරීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය
2024-06-28 18:38:56
Share with:

ජපානය සිය න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවදානම සමස්ත ලෝකයට පැවරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරුද්ධත්වය පළ කරයි.

ජපානයේ ටෝකියෝ විදුලි බල සමාගම අද (28) ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ හත්වන අදියර ආරම්භ කළ අතර, මෙවර න්‍යෂ්ටික දූෂිත ජලය ටොන් 7,800 ක් පමණ මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විරෝධය පළ ‍කරමින් මේ බව පැවසුවාය.

ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට ලක් වන න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ආරක්ෂණ අවදානම, පිරිසිදු කිරීමේ උපකරණවල දිගුකාලීන විශ්වසනීයත්වය මෙන්ම අදාළ අධීක්ෂණ විධිවිධානවල සඵලතාවය පිළිබඳ ප්‍රශ්න මේ වන විටත් විසඳී නොමැත. එවැනි පසුබිමක එය නොසලකා ජපානයේ මෙම ක්‍රියාවලිය සමස්ත මානව වර්ගයාගේ සෞඛ්‍යය, ගෝලීය සාගර පරිසරය සහ ජාත්‍යන්තර මහජන අවශ්‍යතාවලට පටහැනි වන අතර, චීනය එයට තරයේ විරුද්ධ වන බව ද Mao Ning මහත්මිය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම