චීන මාධ්‍ය සමූහයේ නවීන විකාශ තාක්ෂණයන්ට අරාබි ගුවන්විදුලි හා රූපවාහිනී උළෙලේ දී පුළුල් අවධානයක්
2024-06-28 11:11:14
Share with:

24 වැනි අරාබි ගුවන්විදුලි හා රූපවාහිනී උළෙල පැවැත්වෙයි.  ජුනි 26 වැනිදා සිට හෙට (29) දක්වා ටියුනීසියාවේ ටියුනිස් අගනුවර එම උළෙල පැවැත්වෙන්නේ අරාබි රාජ්‍ය ගුවන්විදුලි සංගමයේ ප්‍රධානත්වයෙනි. වැඩසටහන් විසුරුවා හැරීමේ ක්ෂේත්‍ර සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිතය සහ ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය යාවත්කාලීනකරණය පිළිබඳ තේමා කෙරෙහි එහි ප්‍රමුඛ අවධානය යොමු වී ඇත.

අරාබි රාජ්‍ය ගුවන්විදුලි සංගමයේ සාමාජිකත්වය දරන චීන මාධ්‍ය සමූහය ද ඇරයුමක් අනුව මෙම උළෙලට එක්ව සිටී. එහි පරිශ්‍රයේ ස්ථාපිත චීන මාධ්‍ය සමූහයට අයත් කුටියේ දී උසස් මට්ටමේ වැඩසටහන් විකාශය කෙරෙන අතර චීන ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන් හා සජීවකරණ නිර්මාණ ද ප්‍රවර්ධනය කර ඇත.  එසේ ම අධි පැහැදිලි දසුන් සහිත “5G+4K/8K+AI” ඇතුළු තාක්ෂණික ක්‍රමවේද  භාවිතය ද චීන මාධ්‍ය සමූහය එහිදී ප්‍රදර්ශනය කරයි. එම නවීන තාක්ෂණයන් අරාබි මාධ්‍යයන් හි පුළුල් අවධානයට ලක් ව ඇත.

අරාබි ගුවන්විදුලි හා රූපවාහිනී උළෙල එම කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශාලතම පරිමාණයකින් යුතු ප්‍රදර්ශනයයි. එසේම මෙය චීන-අරාබි මාධ්‍ය හුවමාරු හා සහයෝගිතා සඳහා වන ප්‍රශස්ත වේදිකාවක් ද වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම