ෂී ජින්පිං මහතා විශේෂ ජනපති නියෝගයන්ට අත්සන් තබයි
2024-06-28 19:53:20
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 25,26,27,28 දරන ජනපති නියෝගයන්ට අත්සන් තබයි.

අංක 25 දරන ජනපති නියෝගය:

‘හදිසි සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ  නීතිය’ 14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 10වැනි සැසියේ දී 2024 ජුනි මස 28වනදා  සංශෝධනය කර අනුමත කර ඇත. එම නීතිය මෙතැන් සිට ප්‍රසිද්ධ කෙරෙන අතර, එය  2024  වසරේ නොවැම්බර් මස පළමු දා සිට බලාත්මකය.

අංක 26 දරන ජනපති නියෝගය:

‘චීන මහජන සමූහාණ්ඩුවේ ග්‍රාමීය ප්‍රදේශවල සාමූහික ආර්ථික සංවිධාන නීතිය’ 14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 10වැනි සැසියේ දී 2024 ජුනි මස 28වනදා අනුමත කර ඇත. එම නීතිය මෙතැන් සිට ප්‍රසිද්ධ කෙරෙන අතර, එය 2025  වසරේ මැයි මස පළමු දා සිට බලාත්මකය.

අංක 27 දරන ජනපති නියෝගය:

‘දේශසීමා මායිම්වල සෞඛ්‍ය සහ වසංගත පරීක්ෂණ කටයුතු පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ නීතිය’ 14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 10වැනි සැසියේ දී 2024 ජුනි මස 28වනදා  සංශෝධනය කර අනුමත කර ඇත. එම නීතිය මෙතැන් සිට ප්‍රසිද්ධ කෙරෙන අතර, එය  2025  වසරේ ජනවාරි මස පළමු දා සිට බලාත්මකය.

අංක 28 දරන ජනපති නියෝගය:

‘ චීන මහජන සමූහාණ්ඩුවේ ගිණුම්කරණ නීතිය සංශෝධනය කිරීම පිළිබඳ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ තීරණය’, 14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 10වැනි සැසියේ දී 2024 ජුනි මස 28වනදා අනුමත කර ඇත. එම නීතිය මෙතැන් සිට ප්‍රසිද්ධ කෙරෙන අතර, එය  2024 වසරේ ජූලි මස පළමු දා සිට බලාත්මකය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම