ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධන අනුපාතය පහළට
2024-06-28 10:12:41
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසර සඳහා පුරෝකථනය කර ඇති ඇමරිකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදන වර්ධනය අනුපාතය පහත දමයි. පසුගිය අප්‍රේල් මාසයේ 2.7% ක පැවති එම අගය 2.6%ක් දක්වා පහත දැමීමට එම අරමුදල ඊයේ (27) පියවර ගෙන ඇත.
ඇමරිකාවේ ණය අවදානම හා වෙළඳ ප්‍රතිපත්ති එරට ආර්ථික වර්ධනයට බාධා එල්ල කරනු පමණක් නොව ගෝලීය ආර්ථිකයට ද අවදානම රැගෙන එන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ඇමරිකාවේ මූල්‍ය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, එරට ණය බර ද අඛණ්ඩව වැඩි වී ඇත. ක්‍රමයෙන් අන්තගාමී තත්ත්වයකට පත්වන ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්ති බෙහෙවින් හානිදායක වනු ඇතැයි ද එම අරමුදල අනතුරු අඟවා තිබේ.