සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සමුළුව චීන ජනපති ප්‍රධානත්වයෙන්
2024-06-28 10:38:16
Share with:

සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහභාගී වෙමින් වැදගත් දේශනයක් පවත්වයි.

එය අද(28) උදෑසන බෙහිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.“සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම ඉදිරියට ගෙන යමින් අත්වැල් බැඳ ගෙන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම” එම සමුළුවේ ප්‍රධාන තේමාවයි.

වසර 70 කට පෙර ආසියාවේ උපත ලද සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම, විවෘතභාවයෙන්, සහභාගීත්වයෙන් හා විශ්වීයභාවයෙන් යුතු ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් සහ ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම බවට පත්ව ඇති අතර මානවයන්ගේ ප්‍රගතිය සඳහා නොමැකෙන ඓතිහාසික කාර්යභාරයක් ඉටු කොට තිබෙන බව ෂී ජින් පිං මහතා එම සමුළුවේදී පැවසීය.

"මානවයන් ගොඩනගන්නේ කුමන ආකාරයේ ලෝකයක් ද සහ මේ ලෝකය ගොඩනගන්නේ කෙසේද?"යන ප්‍රධාන පැනයට, වසර 70 කට පසු, වර්තමානයේ  චීනය“පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම”යන වත්මන් යුගයේ පිළිතුරක් ලබා දී තිබේ. මේ වන විට, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම චීන මුලපිරුමක සිට ජාත්‍යන්තර එකඟතාවක් දක්වාත්, සුන්දර දැක්මක සිට පොහොසත් භාවිතයක් දක්වාත් පුළුල් වී ඇතැයි ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ලෝකයට සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් හිමි වීම සඳහා එය තරයේ ප්‍රවර්ධනය ‍කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම යන දෙකම, අසල්වාසීන්ට කරුණාවන්ත වීම සහ සියලු රටවල් සමඟ සුහදව කටයුතු කිරීම යන විශිෂ්ට සම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ මුල් බැස ඇතැයි ෂී ජින් පිං මහතා කියා සිටී. එම කරුණු දෙකම, ආත්ම විශ්වාසය, ස්වාධීනත්වය සහ යුක්තියේ නියැළීම පිළිබඳ චීන රාජ්‍ය තාන්ත්‍රික ජීවගුණය විදහා දක්වයි. එසේම සාමකාමී සංවර්ධන මාවතට අනුගත වීමට චීනයේ ස්ථිර අධිෂ්ඨානය පෙන්නුම් කරන බව ඔහු පැවසීය.

වත්මන් ගෝලීය තත්ත්වය හමුවේ, සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්මයේ ආධ්‍යාත්මික අර්ථය ප්‍රචාරය කොට, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම යන උත්තරීතර ඉලක්කය කරා නොපසුබට උත්සාහයක් ඇති කර ගැනීම අපට අන් කවරදාටත් වඩා අවශ්‍ය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුගත ‍විය යුතු අතර අන්‍යෝන්‍ය ගෞරවය යන පදනම තහවුරු කළ යුතු යැයි ෂී ජින් පිං මහතා පැවසීය. සාමය සහ ආරක්ෂාව පිළිබඳ දැක්ම සාක්ෂාත් කරමින් සමෘද්ධිය එක්ව ගොඩනැගීමේ බලය එක්රැස් කළ යුතුය. එසේම සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ සංකල්පය අනුගමනය කරමින් විවෘතභාවය සහ සහභාගිත්ව මනසක් පෙන්විය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව ඓතිහාසික ආරම්භයේ සිටගෙන, "ගෝලීය දකුණ" වඩාත් විවෘත හා සහභාගිත්ව ආකල්පයකින් යුතුව, අත්වැල් බැඳගෙන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රථයෙන්ම ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

"ගෝලීය දකුණ"අතර සහයෝගිතාවන්ට මනා ලෙස සහාය වීම සඳහා චීනය "ගෝලීය දකුණ"අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම ඇතුළු ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය.

වත්මන් චීනය, චීන මාදිලියේ නවීකරණය සමඟ ශක්තිමත් රටක් සංවර්ධනය කිරීම සහ ජාතික පුනර්ජීවනය සම්පූර්ණයෙන් ඉදිරියට මෙහෙයවමින් සිටී. එම නව ගමනේ දී, ලෝක සාමය ආරක්ෂා කරමින් පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම්න් සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම