ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී
2024-06-28 18:41:23
Share with:

ජනපති ඓතිහාසික මහනුවර දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී. මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට එක් වූ ජනාධිපතිවරයා මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද මහ නා හිමිවරුන්ට පිළිගන්වා ඇත.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වැටුප් විෂමතාවක් ඇති නොවන අයුරින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ලබන වසරේ සිට සකසන බවයි. එමෙන්ම රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම