චීන කොමියුනිස්ට් පක්ෂයේ පරිපාලන පද්ධතිය තුළ දැඩි විනය තවදුරටත් තහවුරු කළ යුතු බව චීන ජනපති පවසයි
2024-06-28 11:28:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ පරිපාලන පද්ධතිය තුළ දැඩි විනය තවදුරටත් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (27) 15වැනි වතාවට සාමූහික අධ්‍යයන වැඩමුළුවකට එක් වූහ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංවිධාන දෙපාර්තමේන්තුවේ මහ ලේකම් චාං ජිං හු මහතා අදාළ කරුණු පහදා දීමෙන් පසු එහි සිටි සෙසු සාමාජිකයෝ එම කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන් අනතුරුව ජනාධිපති ෂී ජින් පිං මහතා දේශනයක් පැවැත්වීය. එළඹෙන ජූලි මස පළමුවන දා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 103වන සංවත්සර දිනයයි. එම සුවිශේෂ දිනය සිහි කරමින් හෙතෙම කියා සිටියේ තමා කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් රටේ සමස්ත කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් වෙත සුබපැතුම් පිරිනමන බවයි. නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය සංවර්ධනය කිරීමේදී දේශපාලන සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත්, පක්ෂයේ පරිපාලන පද්ධතිය තුළ දැඩි විනය තවදුරටත් තහවුරු කළ යුතු බවත්, චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමේ සිට මේ දක්වා දැඩි විනයෙන් යුතුව පක්ෂය පරිපාලනය කර තිබේ. එමගින් ජයග්‍රහණ රැසක් අත්කර ගත්ත ද පක්ෂය මුහුණ දෙන අභියෝග හා අවදානම් දිගුකාලීන ව පවතී. එබැවින් පක්ෂයේ විනය ගරුත්වය සෑමවිටම තහවුරු කළ යුතු අතර පක්ෂයේ ස්වයං විප්ලවය ද සිදු කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඒ වෙනුවෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන් ආදර්ශමත් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම