චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන්ට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-06-28 18:27:34
Share with:

චීන උප විදේශ ඇමති මා චාඕශූ මහතා හා ඇමරිකානු නිත්‍ය සහකාර රාජ්‍ය ලේකම් Kurt Campbell මහතා ඊයේ(27) දුරකථන සංවාදයක නිරත වෙමින් චීන ඇමරිකා සම්බන්ධතාවය හා පොදුවේ සැලකිල්ලට ලක් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද පැවති මාධ්‍ය හමුවේදී එම සංවාදයේදී චීන පාර්ශ්වය දැක්වූ අදහස් පිළිබඳව අනාවරණය කළාය.

තායිවාන ප්‍රශ්නය, චීනයේ කේන්ද්‍රීයම ප්‍රතිලාභයන්හි වැදගත්ම කරුණක් බවත් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල දීමෙන් සිදු වන්නේ තමා විපතට ලක්වීම පමණක් බවත් එහිදී චීන පාර්ශ්වය අවධාරණය කර ඇතැයි ඇය විස්තර කළාය. අනතුරුව ඇමරිකාව කිසිදු ආකාරයකින් ටිබෙට් බෙදුම්වාදී බලවේගයන්ට සහයෝගය නොදැක්විය යුතු අතර ‍ටිබෙට් ප්‍රශ්නය මගින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට උත්සාහ කිරීම වහාම  නතර කළ යුතුයි යන්න චීනයේ මතය වී තිබේ.

මේ අතර දැනට දකුණු චීන මුහුදු කලාපයේ රෙන්අයි ගල්පරයට අදාළව සිදුවූ නොසන්සුන් තත්ත්වයට හේතු වන්නේ පිලිපීනය චීනය සමග එකඟතාව කඩ කර චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට අභියෝග කිරීම බව මාඕ නිං මහත්මිය පෙන්වා දෙයි. ඇමරිකාව පිලිපීනයේ එවැනි උත්සාහයන්ට සහයෝගය නොදිය යුතු ය. යුක්‍රේන ගැටලුව සම්බන්ධයෙන් චීනය විෂයමූලික හා සාධාරණ ක්‍රියාකලාපයක සිට කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් චීනයට අපහාස කිරීම ද වහාම ඇමරිකාව නතර කළ යුතු ය. චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන්ට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද මාඕ නිං මහත්මිය එහිදී  ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම