යුරෝපා සංගමයේ ඉහළ තනතුරු පිළිබඳව එහි නායකයින් එකඟතාවයකට පැමිණෙයි
2024-06-28 10:24:42
Share with:

යුරෝපා කොමිසමේ සභාපති ධුරය සඳහා ජර්මනියේ Ursula von der Leyen මහත්මිය දෙවන වරටත් විධිමත් ලෙස නම් කිරීමට යුරෝපා කවුන්සිලයේ එකඟතාව පළ වෙයි. ඊයේ (27) පැවති සමුළුවේදී මෙය ප්‍රකාශයට පත් කෙරිණ.

යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel සමාජ මාධ්‍යයේ සිය X ගිණුමෙහි එම නාමයෝජනා තහවුරු කළේය.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා ලෙස එස්ටෝනියා හි අගමැතිනි Kaja Kallas නම් කළ අතර, පෘතුගාලයේ හිටපු අගමැති Antonio Costa යුරෝපා කවුන්සිලයේ සභාපති ලෙස තෝරා ගැනීමට එකඟ විය.

යුරෝපා කවුන්සිලයේ මීළඟ සභාපතිත්වය දැඩි වගකීමකින් භාර ගන්නා බව Antonio Costa සිය X ගිණුමෙහි ප්‍රකාශ කළේය. සාමාජික රටවල් 27 අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට තමා සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් ඊට සිය අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය. සමුළුවේදී ඉදිරි වසර පහ සඳහා උපායමාර්ගික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ද අනුමත කෙරිණ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම