8 වැනි චීන-යුරේසියානු ප්‍රදර්ශනය ඇරඹේ
2024-06-27 10:11:27
Share with:

8 වැනි චීන-යුරේසියානු ප්‍රදර්ශනය ඇරඹේ. චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ උරුම්චි නගරයේ දී ඊයේ (26) එය විවෘත කෙරිණ. "සේද මාවත ඔස්සේ නව අවස්ථා, ආසියාවේ සහ යුරෝපයේ නව ජීව ශක්තිය" යන තේමාවෙන් යුතු එය ෂින්ජ්‍යං ජාත්‍යන්තර සම්මුති සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ආසියානු සහ යුරෝපා රටවල් සඳහා ෂින්ජ්‍යං හි පැවැත්වෙන උසස් තත්ත්වයේ  ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස, චීන-යුරේසියානු ප්‍රදර්ශනය විවිධ රටවල ආර්ථික හා වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය සඳහා ප්‍රශස්ත වේදිකාවක් සපයා ඇත.

රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 50 ක් මෙන්ම චීනයේ සමාගම් සහ ආයතන 1,000 කට වැඩි ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වී සිටී. වර්ග මීටර් 140,000 ක වපසරියකින් යුතු ප්‍රදර්ශන භූමියේ ආරම්භක දිනයේ දී, ක්ෂේත්‍ර 11 කට අයත් නිෂ්පාදන 6,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

මීට සමගාමී ව දෙස් විදෙස් වෙළඳ ප්‍රජාවගේ සහයෝගිතා සහ හුවමාරු තර කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් 50 කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම