චීන-වෙනිසියුලා සබඳතා ප්‍රවර්ධනය කිරීමට චීනයේ සහයෝගය
2024-06-27 16:46:00
Share with:

චීන-වෙනිසියුලා සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි.

චීන-වෙනිසියුලා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 50 වැනි සංවත්සරය හෙට (28) දිනට යෙදෙන අතර, එය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. දෙරටේ සබඳතාව සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ මට්ටමකට ඉහළ නැංවිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වෙනිසියුලානු ජනාධිපති Nicolás Maduro මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මස දී ප්‍රකාශ කළහ. ඉදිරියේදී දෙරට නායකයන් දෙදෙනාගේ වැදගත් එකඟතා යටතේ, ගෙවී ගිය අඩ සියවසෙහි අත්දැකීම් මත පදනම්ව, වෙනිසියුලාව සමග ද්විපාර්ශ්වික සබඳතාවේ වඩාත් කැපී පෙනෙන සංවර්ධනයක් ළඟා කර ගැනීමට චීනය අපේක්ෂා කරන බව Mao Ning මහත්මිය එහිදී පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම