යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා තුළින් ශක්තිමත් වන ‍ජාත්‍යන්තර මිත්‍රත්වය
2024-06-27 19:36:26
Share with:

නව වටයේ චීන-ඔස්ට්‍රියානු හා චීන-ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා තුළින් චීන ජනතාව හා විදේශ ජනතාව අතර පවතින මිත්‍රත්වය තහවුරු කළ හැකි බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග නව වටයේ යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති බව චීන වනජීවී සංරක්ෂණ සංගමය ඊයේ නිවේදනය කළේය. එමෙන්ම "Yunchuan" සහ "Xinbao" නම් යෝධ පැන්ඩාවන් දෙදෙනෙක් ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන -ඇමරිකානු නව වටයේ යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ආරම්භ වනු ඇති බව එම සංගමය ඊයේ(26) පවසා ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය මෙම අදහස් පළ කළාය.  

චීනය අදාළ සත්වෝද්‍යාන දෙක සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා වසර 20කට වැඩි කාලයක් තිස්සේ පවත්වා තිබේ. නව වටයේ චීන -ඔස්ට්‍රියානු හා චීන -ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා මගින් යෝධ පැන්ඩාවන්ගේ සුබසාධනය තහවුරු කරමින් වඳ වී යමින් සිටින යෝධ පැන්ඩා සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ නංවා ගත හැකිය. එය ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම හා දෙස් විදෙස් ජනතාව අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමට නව දායකත්වයක් ලබා දී ඇති බව ද Mao Ning මහත්මිය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම