විපතට පත් ජනතාවට සහනාධාර සැපයීම සඳහා යුවාන් 49 කෝටියකට අධික මුදලක් වෙන් කෙරේ
2024-06-27 13:30:03
Share with:

චීනයේ ස්වාභාවික ආපදාවලින් විපතට පත් ජනතාවට සහනාධාර සැපයීම සඳහා යුවාන් 49 කෝටි 60 ලක්ෂයක මුදලක් වෙන් කිරීමට එරට රජය පියවර ගනී.

චීන මුදල් අමාත්‍යාංශය සහ හදිසි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඊයේ (26) එම මුදල අදාළ ප්‍රාදේශීය මූල්‍ය දෙපාර්තමේන්තු  වෙත යොමු කර ඇත.

මේ යටතේ, Zhejiang සහ An’hui පළාත් හා ස්වායත්ත 9 ක ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට සහනාධාර පිරිනැමෙනු ඇත. මුදාගැනීමේ මෙහෙයුම් සහ නිවාස ප්‍රතිසංස්කරණ ද ඊට ඇතුළත් ය.

විපතට පත් ප්‍රදේශවල පවතින ප්‍රමුඛතා හඳුනාගනිමින් මුදල් යොදවන ලෙස මුදල් අමාත්‍යාංශය ප්‍රාදේශීය මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම